NEWS

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින නියම වෙයි

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දින තුනෙහි පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට 28 සහ 29 යන දිනයන් වෙන් කර ඇති බවයි එහි සභාපති ආර්. එම්.ඒ. එල් රත්නායක කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පූනාකරී, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන පළාත් පාලන ආයතනවල ද ඡන්ද විමසීම මැයි මස 6 වන අගහරුවාදා පවත්වන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »