NEWS

පුද්ගලයින් 72ක් සමඟ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමගින් පුද්ගලයින් 72දෙනෙක් යානය තුළ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කසකස්තානයේ අක්ටාවු නගරය අසලදී මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

ගුවන් යානය පක්ෂීන් රංචුවක් අතර ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි බොහෝ දෙනා මත පළ කරන්නේ.

කෙසේ වෙතත් මුදවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානය වෙත පිටත්කර යවා ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »