NEWS

බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද අධිකරණයට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීයි.

ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මෙම අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ – කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මොහු, දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට ද පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබුණා.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික, යතුරුපැදියකින් පැමිණ පසුගිය මාර්තු මස 13වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ, ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »