ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි දිගහැරුම අද සනිටුහන් කෙරෙනවා.
1879 වසරේදී ආරම්භ වූ රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ලොව දෙවැනි පැරණිතම මෙන්ම, දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙසින් සැලකෙන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල් දෙක අතර 1878 වසරේ සිට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පමණයි.
2023 වසරේදී රාජකීයන් නිල් මහා සටන ජය ගනිද්දී ඔවුන් මෙතෙක් තරග 36ක් ද ශාන්ත තෝමස් ක්‍රීඩකයින් තරග 35ක් ද ජය ගන්නට සමත් වී තිබෙනවා.
ශාන්ත තෝමස් කණ්ඩායම මෙවර කවිඳු ඩයස්ගේ නායකත්වයෙන් තරග වදින අතර රාජකීයන්ට නායකත්වය ලබාදෙන්නේ රමිරු පෙරේරායි.