රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා , කුෂ්, මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හරිත මාවත ඔස්සේ, ඒවා ගුවන් තොටුපළින් පිට කිරිමට උත්සාහ කර අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මොහු ඉන්දියාවේ මහත්මා ගාන්ධි ව්ශ්ව විද්‍යාලයයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකු වනවා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් පැමිණ ඇති මොහු රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් අඩංගු ඇසුරුම් කීපයක මෙම මත්ද්‍රව්‍ය සගවා රැගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.