විද්‍යුත් දුම්වැටි ළග තබා ගැනීම සහ භාවිතය ලබන වසරේ සිට තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සූදානම් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව හොංකොං හි සෞඛ්‍ය ලේකම් ලෝ චුන්ග් මවු ප්‍රකාශ කර ඇති බවයි.
පසුගිය වසරේ ඊට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබූ අතර එය ලබන වසරේ අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
2022 අප්‍රේල් මස සිට චීනය විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කර තිබුණා.