‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට සිදුවිය.
ඒ අද (21) පැවති තීරණාත්මක තරගයේ දී පාකිස්තාන ‘A’ කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්ය.
මෙහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණි.
ශ්‍රී ලංකාව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් තරගයේ 4 (3.2)වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී කඩුලු 2ක් දැවී ලකුණු 45ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියේය.

