යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය.
ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.
යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී

