NEWS

හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් ප්‍රතිචාර

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීමෙන් පසුව ඉන්දියාව සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

ඒ අනුව ඉන්දියාව පවසන්නේ බංග්ලාදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවය.

2024 අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනාව බලයෙන් පහ කළදා සිට ඇය ඉන්දියාවේ රැඳී සිටියි.

ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දෙන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව පිළිබඳව ඉන්දියාව සැලකිල්ලට ගෙන ඇති බවය.

සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ යහපත සඳහා කැපවී සිටින අතර, එරට සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරන බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »