අමෙරිකාවේ ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් සිදුවීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකාවේ පසුගිය ඉරිදා දින ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ සටන්කාමී තරගාවලියක් ඉලක්ක කරගනිමින් සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් මෙලෙස ව්‍යර්ථ කර තිබෙන බවය.

කුමන්ත්‍රණකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිත කරමින් අදාළ තරගය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනතාව ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී තිබේ. 

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ සැලසුම ක්‍රීයාත්මක කිරීමට පෙර සැකකරුවන් පස් දෙනෙකු අල්ලා ගැනීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කර තිබු දිනයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දිනය සැමරුමද යෙදී තිබු බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »