හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් මෙම අල්ලස් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

