ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රබල ප්‍රෘතුගාල කණ්ඩායම සහ උස්බැකිස්තාන කණ්ඩායම ඊයේ තරගබිමට පිවිසියේ K කාණ්ඩයෙන්ය.
අමෙරිකාවේ හුස්ටන් හී පැවති තරගයේ 6වැනි මිනිත්තුවේදී ගෝල රැස්කිරීමට ආරම්භකිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණි.
එම ගෝලය වාර්තා කිරීමත් සමඟ රොනාල්ඩෝ වාර්තා අතරට පිවිසුණේ ඔහු සහභාගී වු සෑම පාපන්දු ලෝක කුසලානයකදී ගෝලයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්ය.
එතැනින් නොනැවතුණු ප්‍රෘතුගාල කණ්ඩායම 17වැනි මිනිත්තුවේදී සහ 39වැනි මිනිත්තුවේදී ගෝල රැස්කිරීමට සමත්වු අතර ඒ අනුව පළමු අර්ධය ගෝල 3ට 0ක් ලෙස ප්‍රෘතුගාලය පෙරමුණ ගත්තේය.
දෙවැනි අර්ධයේදී උස්බැකිස්තාන කණ්ඩායමට හිස ඔසවන්ට ඉඩනොදුන් ප්‍රබල ප්‍රෘතුගාලට එම අර්ධයේදීද තවත් ගෝල දෙකක් රැස්කිරීමට සමත් වුණි.
ඒ අනුව නියමිත කාලය අවසන් වුණේ ගෝල 5ට 0ක් ලෙස ප්‍රෘතුගාලයට ජය හිමිකර දෙමින්ය.

