NEWS

තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ජෝර්ජියාවේදී අනතුරට ලක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුව ගුවන් යානයේ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සිටි බව වාර්තා වෙයි.

ගුවන් යානය අසර්බයිජානයෙන් ගුවන් ගත වී තුර්කියට ආපසු යමින් සිටියදී එය කඩා වැටුණු බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ගුවන් අනතුරින් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »