NEWS

ඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ.

33 හැවිරිදි රහ්මාත් ටෙස්ට් ඉනිම් 23කදී ශතක 3ක් සමගින් ලකුණු 1,043ක් රැස්කර ඇති අතර, ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 234ක් වේ.

එක්දින ඉනිම් 123කදී ඇෆ්ගනිස්තානය නියෝජනය කර ඇති හෙතෙම ශතක 5ක් හා අර්ධ ශතක 33ක් සමගින් ලකුණු 4,121ක් රැස්කර ඇත.

මේ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නව උපනායකයා ලෙස ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු මෙන්ම නිත්‍ය කඩුලු රකින්නා වන රහ්මානුල්ලා ගුර්බාස් පත් කිරීමට ද තීරණය කර ඇත.

පසුගිය කාලසීමාව පුරා ඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් මෙහෙයවනු ලැබූ හෂ්මතුල්ලා ෂාහිඩි ඊයේ (21) එම තනතුරු ද්විත්වයෙන්ම ඉල්ලා අස්වීමට තීරණය කළේය. 

ඔහුගේ මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමග හිස් වූ නායකත්ව වගකීම් සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් මෙම නව පත්කිරීම් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »