පාකිස්තානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නොවැ. 8 දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.  එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20…

Read More

එක්දින ලෝක ශූරියෝ ඉන්දියාවෙන්

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (2) සමත් විය. නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය…

Read More

කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරක මිචෙල් පෙරෙයිරා

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට පසුව වීමද විශේෂත්වයක්. 2022 වසරේ දී වැනේසාද ද සිල්වා සමගින් අන්තර්ජාතික තරග තීරකවරියන්ගේ…

Read More

ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්විණි. මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය….

Read More

දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලෝක කුසලාන අවසන් සටනට

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය. ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි. මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක්…

Read More

කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අද සිට

කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි. 1973, 1993, 2009 සහ 2017 වසරවලදී කාන්තා ලෝක කුසලානය දිනාගෙන ඇති එංගලන්තය අවස්ථා 03කදී අනුශූරයින් බවට පත් වුණා. දකුණු අප්‍රිකාව මෙතෙක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියක අවසන් මහා තරග නියෝජනය කර නැහැ.

Read More

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය. ක්‍රීඩිකා 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් ,…

Read More

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025 බහරේනයේ පැවති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. ගත වූ කාලය මිනිත්තු 1 තත්පර 52.82 කි. එය එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය බව සඳහන් වේ. නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන සිව්දෙනා මේ සඳහා තරග සඳහා සහභාගි විය. අවසන්…

Read More

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

බහරේනයේදී පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල (3rd Asian Youth Games 2025) යටතේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා. ඒ අනුව, චතුර දුලංජන විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඔහුගේ දක්ෂතාවය මීටර 62.51ක් ලෙස සටහන් වුණා. එමෙන්ම, ශනුක කොස්තා විසින් පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයේදී ලෝකඩ…

Read More

නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූවාය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම එය වේ. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4.52.32ක කාලයක් ගත කළාය

Read More
Translate »