ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්…

