2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (13) නිවේදනය කළේය.
ඒ අනුව අඛණ්ඩව තෙවන වරටත් IPL වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙනු ඇත.
පළමුවරට IPL වෙන්දේසියක් 2024 වසරේ දී ඩුබායි හිදී පැවැත් වූ අතර, ඉන් අනතුරුව 2025 වාරය සඳහා වූ වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්විණි.
වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් නොවැම්බර් 15 වනදා ඉන්දීය වේලාවෙන් ප.ව. 3ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ යුතුව ඇත.

