WhatsApp යෙදුම තුළ නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා.
ලොව පුරා පරිශීලකයින් විසින් දිනකට ආසන්න වශයෙන් WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නවා.
ඒ අනුවයි මෙම සමාගම විසින් පරිගණක සහ ජංගම දුරකථන හරහා නව ඇමතුම් විශේෂාංග හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ.
අදාල කණ්ඩායමක් තුළ තෝරාගත් පිරිසකට පමණක් ඇමතුම් ලබාගත හැකි වීම, වීඩියෝ ඇමතුම් සඳහා යම් යම් විනෝදාත්මක විශේෂාංග එකතු කිරීමට හැකිවීම සේම ඩෙස්ක්ටොප් හරහා ඇමතුම්වලට සම්බන්ධ වන අයට ඇමතුමක් ආරම්භ කිරීමට, ඇමතුම් සබැඳියක් සෑදීමට හෝ අංකයක් කෙලින්ම ඇමතීමට අවශ්‍ය සියලු පහසුකම් මේ යාවත්කාලීන වූ WhatsApp හරහා ලබාගත හැකියි..
එසේම එම සමාගම පවසන්නේ දුරකතනයකින් හෝ පරිගණකයකි ලබාගන්නා WhatsApp ඇමතුම්වල වෙනදාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමිතියක් මේ තුළින් තම පරිශීලකයන්ට ලබාදීමට හැකිවන බවයි.