බස් රථ ඇතුලු පොදු ප්‍රවාහනය සදහා රියදුරන් බදවා ගැනීමේදී වයස අවුරුදු 60 දක්වා සීමා පනවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු කියා සිටියේ එම සීමාව වයස අවුරුදු 65 දක්වා පවතින බවයි.
මේ අතර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති ඊයේ තීරණය කළා.
ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්.
මේ අතර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 සහ 22 දින තුළ පැවැත්වීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
එමෙන්ම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අලංකරණය කළ සහ අමතර උපාංග සවි කර ලියාපදිංචි සහතිකය ගෙන ඇත්තේ ත්‍රී රෝද රථ සහ බස් රථ 95 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් ප්‍රකාශ කළා.