ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෑත කාලයේ වාර්තා වූ දැවැන්තම පෙරළියක් සිදු කරමින්, ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කර ඓතිහාසික විස්සයි20 ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.
බෙල්ෆාස්ට් හිදී පැවැති මෙම තරගයේදී අයර්ලන්තය හමුවේ ඉන්දියාව මෙලෙස පරාජයට පත් වූයේ, දෙරට අතර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අයර්ලන්තය ලැබූ පළමු ජයග්‍රහණය සලකුණු කරමිනි.
මීට පෙර අවස්ථා 8කදීම ඉන්දියාව හමුවේ පරාජය වී තිබූ අයර්ලන්තය, මෙම නවවැනි උත්සාහයේදී සිය සිහිනය සැබෑ කර ගැනීමට සමත් විය.
විශේෂයෙන්ම විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගය මෙයවිය.

