පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.
සිව්වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය, ඉක්වදෝරය හමුවේ පාපන්දු තරගයකදී පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතරට එක් වේ.
ක්‍රීඩාලෝලීන් 82,500කට අධික පිරිසකට පහසුකම් ඇති අමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘MetLife Stadium’ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.
තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබාගත් ජර්මානු ක්‍රීඩකයෝ, තරගයේ දෙවන මිනිත්තුවේදීම පළමු ගෝලය වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් වූහ.
කෙසේ වෙතත්, එම වාසිය වැඩි වේලාවක් රඳවා ගැනීමට ජර්මනියට නොහැකි වූ අතර, තරගයේ 9 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඉක්වදෝරය පෙරළා ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්ත්වයට පත් කළේය.

