NEWS

දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ.

අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි.

කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට නොහැකි විය. 

එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ සොයාගනු ලැබීය.

අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »