NEWS

මහ මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා භාරදීමට කාලසීමාවක්

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය වසරේ සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙතද ජාතික ලැයිස්තු අපේක්ෂකයින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙතද වාර්තා භාරදිය යුතු බවයි එම කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව, අදාළ වාර්තා භාරදීම සදහා සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 06 දක්වා හා 06 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අදාළ වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබෙනු ඇති.

නියමිත කාල සීමාවට පෙර අදායම් වියදම් වාර්තා භාර නොදෙන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනතට අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමිසම සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »