2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ, ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්රියේදීයි.
එමෙන්ම, මෙහිදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.
පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයමින් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලේදී දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇගයීමට ලක් කෙරුණා.
එහිදී හොඳම හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ධනංජය ද සිල්වායි.
හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණේ ප්‍රභාත් ජයසූරියයි.
හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානයට පාත්‍ර වෙද්දි හොඳම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි.

