NEWS

admin

මුරකරු ඝාතනය කර නුවරඑළිය ලංගම ඩිපෝවේ මුදල් කොල්ලකයි

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කල මුරකරුවෙකු තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර ඩිපෝව තුළ තිබූ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි නුවරඑළිය පොලිසිය සදහන් කළේ. ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල 85 හැවිරිදි අයෙකුයි මෙලෙස…

Read More

සමාජ මාධ්‍ය මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරුදු 22ක තරුණයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දිගන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙක්. මෙම තරුණයා අන්තර් ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා ලක්ෂ 05 කට අධික මුදලක් ගිණුම් ගත කරවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වංචාවට හසු වූ පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන…

Read More

මහ මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම අදින් අවසන්

පසුගියදා පැවති මහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාල සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ, ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8000කට අධික පිරිසෙන් මේ දක්වා වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 2500කටත් අඩු පිරිසක් බවයි. 2024 මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින්…

Read More

බිට්කොයින් අගය ඩොලර් 100,000 සීමාව ඉක්මවයි

එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ්‍ ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ. මෙම වසරේ බිට්කොයින් අගය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් සති හතරක්…

Read More

හන්තානයේ අතරමං වූ සිසුන් පිරිසක් යුද හමුදාවෙන් බේරාගැනේ

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමංවී ඇති අතර, එම පිරිස නිරුපද්‍රිතව මුදවා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා. වයස අවුරුදු 16ත් 17 අතර, පසුවන මෙම පිරිස නුවර ප්‍රදේශයට පැමිණ හන්තාන කන්ද නැරඹීම සඳහා එය තරණය කර තිබුණා. එහිදී කන්දේ…

Read More

කියුබාවම අඳුරු වෙයි

කියුබාවේ ප්‍රධාන විදුලිබල පද්ධතියේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් රටපුරා විදුලි බලය ඇනහිට තිබෙනවා. මේ හේතුවෙන් මිලියන ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එය යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් පාසල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මීට මාසයකට පමණ පෙරද කියුබාවේ දින තුනක කාලයක් විදුලිබලය ඇණහිට තිබුණා.

Read More

විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

විදේශ ප්‍රේෂණ මත විදෙස් රැකියාවල නියුතු පුද්ගලයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව විගණනයක් සිදු කර ඇති බව කථානායක අශෝක රන්වල අද (05) පාර්ලිමේන්තුවට පැවැසූවා. 2022 මැයි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව එසේ විගණනයක් සිදු කළ බවයි කථානායකවරයා සඳහන් කළේ. තවද, එම…

Read More

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සභාවට ඉදිරිපත් කළා. ලබන වසරේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදු කෙරෙනවා. පසුගිය 25 වැනිදා මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ද හිමිව…

Read More

ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වී අදට වසර 50යි

ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වි (04) දිනට වසර පනහක් සපිරෙනවා. 1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපලින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කල ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කදු වැටියේ ගැටි ගුවන් යානයේ ගමන් ගත් මගින් 182 ක් සහ කාර්ය…

Read More

දින 06ක් නැවතුණු උසස් පෙළ විභාගය අද සිට යළිත්

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමුණු උසස් පෙළ විභාගය අද සිට යළි ආරම්භ වනවා. කෙසේ වෙතත්, කිසියම් සිසුවෙකු තවදුරටත් පීඩාවට පත්ව හෝ ප්‍රදේශයේ මාර්ග අපහසුතා පවතින්නේ නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ….

Read More
Translate »