වියදම් වාර්තා ඉදිරිපත් නොකළ ජනපති අපේක්ෂකයින්ට වැඩ වරදී
පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව වංචා විමර්ශන කාර්යාංශය අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව වංචා විමර්ශන කාර්යාංශය විසින් පැමිණිලි හතකට අදාළව අද අධිකරණය හමුවේ…

