NEWS

admin

විදුලි ගාස්තු සංශෝධනය ගැන පළාත් මට්ටමින් අදහස්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 27 වනදා සිට එම අදහස් ලබා ගැනීමට නියමිතයි. විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් ද උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළා. පවතින තත්ත්වය යටතේ විදුලිය ගාස්තු සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින්…

Read More

වසරකදී මෙරට හදිසි අනතුරුවලින් මරණ 11,000ක්

හදිසි අනතුරුවලින් වසරකට පුද්ගලයින් 11,000 කට වැඩි පිරිසක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි හදිසි අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කළේ, දිනකට හදිසි අනතුරු හේතුවෙන් තිස් දෙනෙකු මිය යන බවයි. එමෙන්ම, වසරකට මිලියනයකට වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගත වන බව ද වෛද්‍යවරයා සදහන් කළා. විශේෂයෙන්ම උත්සව සමයේදී රිය…

Read More

කටාර් රාජ්‍යය වසර 13 කට පසු සිරියාවේ සිය තානාපති කාර්යාලය විවෘත කරයි

එච්. ටී. එස්. සංවිධානය සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමත් සමග කටාර් රාජ්‍යය සිරියාවේ තම තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා. ඒ, වසර 13 කට පසුවයි. සිරියාවේ අගනගරය වන ඩැමස්කස්හි මෙම තානාපති කාර්යාලය විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමෙන් පසුව පළමුවරට එරට තනාපති කාර්යාලයක් යළි විවෘත කරනු ලැබුවේ තුර්කිය විසින්.

Read More

සුරාබදු නිලධාරීන්ගේ වැරදුණු වැටලීම

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවැසියන්ට පහරදුන් සුරාබදු නිලධාරීන් 9 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් අට දෙනෙක් අද පෙරවරුවේ ගොතටුව පොලිසියට පැමිණ භාර වූ බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් පසුගිය 11 වැනිදා රාත්‍රි 11ට පමණ…

Read More

ජනාධිපති අරමුදල අවභාවිත කළා යැයි කියන තවත් අයගේ නම් ඉදිරියේදී එළියට

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. 1978 ජනාධිපති අරමුදල යටතේ ක්ගාණ්ඩ 05ක පුද්ගලයින්ට මුදල් ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බවයි එම පිරිස ඥාන වර්ධනයට උදව්කරන්න, ජාතික වැදගත්කමක් ඇති…

Read More

මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව් ප්‍රදේශයට පැමිණෙයි

මියන්මාර සරණාගතයින් 103 දෙනෙකු රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට…

Read More

ලිහිල් වූ වාහන ආනයන කොන්දේසි මෙන්න

වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළව පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා අදාළ කොන්දේසි කිහිපයක් ද ඇතුළත් බව එම නිවේදනයේ සඳහන්. මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය…

Read More

විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පහළ දාන්න පුළුවන් – උපයෝගීතා කොමිසම කියයි

විදුලි ගාස්තු සියයට 10ත් 20ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා. වසරකට සිව්වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය…

Read More

සහල් ආනයනය ගැන විශේෂ දැනුම්දීමක්

අද (17) දහවල් වන විට සහල් මෙට්‍රික් ටොන් 9500ක් රට තුළට ආනයනය කර තිබෙනවා. කැකුලු සහල් මෙට්‍රික් ටොන් 3300ක්ද නාඩු සහල් මෙට්‍රික් ටොන් 6200ක් ඒ අතරට අයත් බව සඳහන්. දෙසැම්බර් 20 දින රාත්‍රී 12.00ට සහල් ආනයනය සඳහා දී ඇති කාල සීමාව අවසන් වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Read More
Translate »