NEWS

admin

දයාසිරිට විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකරට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි.

Read More

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

අයහපත් කාලගුණය හමුවේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව, එමගින් තත්පරයට ඝණ අඩි 3, 230ක ජල ධාරීතාවක් කලා වැවට මුදාහැරීමට කටයුතු කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ. මේ අතර, පළාත් කිහිපයකට අද දිනයේදී මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා…

Read More

කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (17) තෝරාපත් කර ගත්තා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙන්. ඒ අනුව ඔහු මෙරට 13වැනි කථානායකවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. මෙලෙස නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවුණේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විට සාකච්ඡාවල නිරතව සිටින බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා නිලවශයෙන් පිලිගැනීමේ උත්සවය අද උදෑසන රාශ්ට්‍රපති භවන් හීදී පැවැත්වුණා. ඒ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ආශ්වාරෝහකයින් සමග රාශ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ ඉන්දීය ජනපතිනි…

Read More

රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා. ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා. එහි එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු බේරාගෙන තිබෙන අතර, දෙවන ටැංකියේ…

Read More

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්…

Read More

කැෂුරිනා මුහුදේ දියට බිලිවූ යුවලක් බේරාගැනේ

යාපනයේ කරෙයිනගර් කැෂුරිනා මුහුදේ දිය නාමින් සිටි යුවලක් මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනාව දැඩි පරිශ්‍රමයක් දරා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා නාවික හමුදාව එක්වයි ඊයේ (15) බේරාගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනාව බේරා ගාන්නා විට දෙදෙනාටම මුහුදු ජලය පෙවී සිහිසුන්ව සිටි නිසා ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ දිනවල යාපනයේ සංචාරය…

Read More

කඳුකර කොටි තර්ජනයට විසදුම් ඉල්ලයි

කදුකර කොටියන්ගේ තර්ජනය හමුවේ හැටන් වැවිලි සමාගම යටතේ පාලනය වන වටවල ෂැනන් වතුයායේ ජනතාවගේ දෛනික පීවිතයට දැඩි අවධානමක් මතුව තිබෙනවා. එහි වතු අධිකාරිවරයා සහ වතු කම්කරුවන් සදහන් කළේ, එම කදුකර කොටියන් පසුගිය සතිය තුල සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවයි. තේ කර්මාන්ත ශාලාව වෙත පැමිණිමේදි වතු කම්කරුවන් කදුකර කොටියන්ගේ තර්ජනයට මුහුණදී දිවි ගලවා…

Read More

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා. පැයට උල්කාපාත 120ක් පමණ දිස්වෙන මෙම උකාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව හෙට (14) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ. ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9න් පසුව උතුරු සහ නැගෙනහිර අහසේ…

Read More

“කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා” ජනාධිපති කියයි

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බවත්, ජනතාව වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී. මේ අතර “අපේ ආණ්ඩුවේ මොන වගකීම…

Read More
Translate »