NEWS

admin

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් මුලින් පන්දු යැවීමට තීරණය කළා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45 ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස…

Read More

ගාලු කොටුවේ පැරණි දොරටුව අද සිට දින 04ක් වැසේ

ගාලු‍ කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 31 වනදා දක්වා එය තාවකාලිකව වසා තැබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සදහන් කළේ, පැරණි දොරකඩ ආශ්‍රිතව රසායනික සංරක්ෂණ කටයුත්තක් සිදුකරන බවයි. ඒ අනුව අද සිට ලබන 31 වනදා දක්වා ගාලු‍ කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු…

Read More

නාසා ආයතනය යැවූ පාකර් සූර්ය ගවේෂණ යානය සාර්ථකයි

මිනිසාට සූර්යයා වෙත ළඟාවිය හැකි ආසන්නතම අවස්ථාව සනිටුහන් කරමින් සූර්යයා ගවේෂණය සඳහා නාසා ආයතනය විසින් යවනු ලැබු පාකර් සූර්ය ගවේෂණ යානය නත්තල් දා සැඳෑවේ සූර්යයාට ආසන්න වෙමින් කිලෝමීටර් මිලියන 6.2ක දුරකට පැමිණ ඇති බව වාර්තාවුණා. 2018 වසරේදී පෘථීවියෙන් නික්ම ගිය පාකර් සූර්ය ගවේෂණ යානය පැයට කිලෝමීටර් 692,000ක වේගයකින් සූර්යාගේ පිටත පෘෂ්ඨයේ සිට කිලෝමීටර් මිලියන 8ක් පුරා විහිදෙන…

Read More

සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

දිවයිනේ සියලු‍ පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි යුධ, නාවික සහ ගුවන් හමුදාවේ සියලු‍ සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබුණා. මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති…

Read More

චීනයේ Tansuo 3 නෞකාව සිය ප්‍රථම ගමන අරඹයි

චීනය විසින් නිර්මාණය කර ඉදිකරන ලද ගැඹුරු මුහුදේ බහුකාර්ය පර්යේෂණ සහ පුරාවිද්‍යාත්මක නෞකාවක් වන Tansuo 3 නෞකාව අද (27) දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ගුවැන්ෂුහි නන්ෂා සිය ප්‍රථම ගමන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම නෞකාව ගෝලීය ගැඹුරු මුහුදේ ගවේෂණය කිරීමට සහ ධ්‍රැවීය ප්‍රදේශවල මිනිසුන් සහිතව ගිල්විය හැකි මෙහෙයුම් සඳහා සහාය වීමට හැකියාවක්…

Read More

උත්සව සමය වෙනුවෙන් කොළඹ – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවාවක්

උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අද සිට ලබන 29 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද අබේපුස්ස දක්වා…

Read More

වන අලි ගම් වැදීම පාලනයට මුර කුටි ඉදි කෙරේ

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබෙනවා. එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර, ඒවා ඉදි කිරීම සිදු වන්නේ ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මතයි. එම ඉදිකිරීම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුර කුටිවලට යොදවා ගෙන වන අලි…

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් වූවා.

Read More

අඳුරු සුනාමි මතකයට අදට වසර 20යි

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා. නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත්…

Read More

කොළඹ – කටුනායක අධිවේගයේ සොරකම් මඩින්න එස්.ටී.එෆ් සහාය

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් සොරකම් වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කොළඹ – කටුනායක අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිළිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුවයි විෂයභාර අමාත්‍ය බිමල් රත්නායකගේ…

Read More
Translate »