NEWS

admin

ෆාතේ ෂෙරිෆ් ඝාතනය වෙයි.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානයේ නායකයෙකු, ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබනනයේ හමාස් නායක ෆාතේ ෂෙරිෆ් අබුෂල්- අවීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් එම ප්‍රහාර හමුවේ මියගිය බව සඳහන්. ඒ බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළා.

Read More

ශිෂ්‍යත්වය යළි ඉල්ලා දෙමව්පියන් මහපාරට

පසුගියදා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. ශිෂ්‍යයත්ව විභාගය යළි පවත්වන ලෙස එහිදී ඔවුන් ඉල්ලීම් කළා. කෙසේවෙතත්, ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමටත් කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3 සඳහා ලකුණු ලබාදීමටත් ඊයේ විද්‍යා…

Read More

පකිස්ථානයෙන් MPOX ඉහළට

පකිස්ථානයෙන් MPOX තවත් රෝගීන් කිහිපදෙනෙකු හමුවී තිබෙනවා. සවුදි අරාබියේ සිට පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන්, එහිදී පරීක්‍ෂණ මගින් රෝගී ආසාදිතයින් බව තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රජයේ රෝහල් වෙත යොමු කළ බව සඳහන්.

Read More

නේපාලය යට කළ ගංවතුර

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගංවතුර සහ නායයෑම් වලින් පුද්ගලයින් 150 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරනවා. එමෙන්ම 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර…

Read More

හිතුවක්කාර වූ ඊශ්‍රායල අගඇමති

සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් විසින් කරන ලද ඉල්ලීම් නොතකා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස විශාල අගමැති බෙන්ජමින් තෙතන්යාහු එරට හමුදාවට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර බෙරදම් හි  දකුණු මහල් ගොඩනැඟිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින්, එහි ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා වන මොහොමඩ් සුරුර් මියගොස් තිබෙනවා. ඒ බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කළා. ඊශ්‍රායලයේ…

Read More

සියඹලාපිටිය විදුලිබලේ ලොකුපුටුවට

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ජනන සැලසුම් ඉංජිනේරු මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර ඇති බව සදහන්.

Read More

කබ්රාල්ට නියෝග

ග්‍රීක බැදුම්කර නඩුවට අදාලව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 5 දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළා. අල්ලස් කොමිසම මෙම නඩුව පවර ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රාජ්‍ය නිකුත් කල භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට ගොස් රුපියල් කෝටි 184 ක පාඩුවක් රජයට සිදුකලේ යැයි…

Read More

වීසා යලි පැරණි ක්‍රමයට

පෙර පැවතී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමය නැවත ක්‍රියාත්මක වන බව, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

Read More

ගාල්කල වාහන අවශ්‍ය තැන්වලට

මේ වනවිට ගාලු මුවදොර ආශ්‍රිතව ගාල්කර තිබෙන රජයට අයත් වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සදහා මුදාහැරීමට කටයුතු කරන බව, ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඊයේ වාහන ගාල්කර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

Read More

දේශපාලනඥයින්ට පාසල තහනම්

අධ්‍යාපනය සදහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා. මේ අතර පාසල් උත්සව සදහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙස අග්‍රාමත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළා.

Read More
Translate »