NEWS

admin

ග්‍රීන් කාඩ් ලොතරැයිය

එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබෙනවා. ග්‍රීන් කාඩ් ලොතරැයිය යන ජනප්‍රිය නාමයෙන් එය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන සඳහා ඇතුළතීමට සුදුසුකම් ලැබූ රටවල් 55,000 පිරිසකට අමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

Read More

ඉන්දියාවේ විදෙස් ඇමති ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයසංකර් අද දිවයිනට පැමිණෙනවා. ඒ අනුව ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යය විජිත හේරත් හමුවීමට නියමිතයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් ද එම නිල සංචාරයට එක්වන බව සඳහන්.

Read More

කොරියාවෙන් ලැබෙන උදව්

ශ්‍රී ලංකා රජය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමු වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායි වැඩසටහන් සදහා ද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු…

Read More

බලාපොරොත්තු බිඳුණු ශ්‍රී ලංකාව

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වුණි. එහිදී පකිස්ථානය ලකුණු 31 ජය වාර්තා කළා. කාසියවාසිය හිමිකර ගත් පකිස්ථාන කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 116 ක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ…

Read More

ඉන්දියාවෙන් සංචාරක උපදේශන

ඉරාන – ඊශ්‍රායලය ගැටුම් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලින් වළකින ලෙස ඉන්දියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව දැනට ඉරානයේ සිටින, ඉන්දියානුවන්ට සුපරීක්‍ෂාකාරීව කටයුතු කරන ලෙසද ඉන්දියාව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More

බීරූට් වෙත තවත් ප්‍රහාර

ඊශ්‍රායලයේ එල්ල කළ බොහොම ප්‍රහාරයක් හේතුවෙන් බීරූට් හි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත විශාල පිපිරීමක් ඇතිව තිබෙනවා. ඊශ්‍රායලය විසින් නගර 20 ක ජනතාවට ඉවත්වන ලෙස දැනුම් දීමක් කර තිබුණත්, මෙම ප්‍රහාර  හමුවේ සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගිය බවත්, හිස්බුල්ලා සංවිධානය පවසනවා.

Read More

ජනපති හමුවූ IMF

ශ්‍රී ලංකාවට පැමිණි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ නියෝජිතයින් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීය, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයට ලක් කර තිබෙනවා.

Read More

මහමැතිවරණයට භාරගන්න නාම යෝජනා

024 මහ මැතිවරණයට අදාල නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 11 වෙනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා. තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදුකිරීමට නියමිතයි.

Read More

තනිව ඉන්න තීරණය කළ අරසුකච්චි

ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M.A.සුමන්දිරන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමෙන් ඒ බව ප්‍රකාශ කළා. මේ අතර හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන D.P.D.P සංවිධානය ද මහ මැතිවරණයට වෙනම තරග කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

ප්‍රවාහන ඇමතිට සිරදඬුවම්

සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන්ට සිර දඬුවම් නියමවී තිබෙනවා. එය ඔහුගේ මිතුරන් ලෙස සැලකෙනා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වසර හතක් පුරාවට තෑගි මුදල් ලෙස ලබා දුන් සිංගප්පූරු ඩොලර් හාරලක්ෂ 3,300 ක් ලබාදීම සම්බන්ධයෙන් පැවැති පළමු නඩු  විභාගයේ දී අමාත්‍යවරයා අධිකරණයේදී වරද පිළිගැනීම හේතුවෙන්, මීට පෙරද අධිකරණය හමුවේ ඔහුට නඩු පැවරුණා.

Read More
Translate »