NEWS

admin

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. මේ අතර මුදල් සහ ඩිජිටල්, ආරක්ෂක ධුර ජනාධිපති…

Read More

ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි හිටපු…

Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද…

Read More

ලේටන් බොක්ෂිං අවසන්

අසූ දෙවැනි ලේටන් කුසලාන බොක්ෂිං ශූරතා තරගාවලිය පසුගිය නිමාවුණා. එහිදී පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා පොලිසියේ T.හසිත නුවන් ජිනදාසටය. දක්ෂතම ක්‍රේඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමතාවයේ K.K.ඉෂාරා කුමාරි පෙරේරා සම්මාන දිනාගත්තා.

Read More

කරච්චිය පුපුරයි

පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදුවූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. එරට වෙලාවෙන් රාත්‍රී 11.00 ට පමණ මෙම පිපිරවීම සිදුවූ බව පකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පැවසුවා. එමෙන්ම මෙතෙක් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව තවමත් අපැහැදිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් “බාලෝච් ලිබෙරේෂන් ආර්මි” මෑත වසර වලදී ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයින්ට…

Read More

ඊශ්‍රායල – පලස්තීන ගැටුමට වසරයි

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ යුද ගැටුමට අදට වසරක් ගත වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වෙනිදා එල්ල කළ හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන්  පසු දෙරටේ යුද ගැටුම් ආරම්භ වුණා. එම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1205 ක් මේ වන විට යුද්ධයේදී සිවිල් වැසියන් 41,870 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

වජිරට ඕනෑ වී – ආශ්‍රට එපාවූ සිලින්ඩරය

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය වන්නි සහ නුවරඑළිය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයගුණවර්ධන පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ පවසන්නේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන්නේ නම් තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.  

Read More

අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තහනම්

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් ඒ බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී ප්‍රකාශ කළා. මෙම කාලය තුළ එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බව ඔහු පවසනවා. ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත්කර ඇති බවත්, ඉදිරියේදී සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන්, අමාත්‍යවරුන්…

Read More

T -20 ලෝක කුසලානේ දෙවන දිනය

2024 ලෝක කුසලාන පන්දුවාර 20-20 කාන්තා තරගාවලියේ දෙවන දිනය අදයි. අද B කාණ්ඩයෙන් තරග වදින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙනවා.

Read More

එංගලන්තය අතහරින ස්වෛරීභාවය

අඩ සියවසකට වැඩි කාලයකට පසු ඉන්දියන් සාගරේ දුරස්ථ නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් දූපත් සමූහයක ස්වෛරීභාවය අත්හරින බව එක්සත් රාජධානිය නිවේදනය කර තිබෙනවා. වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව එළඹුණු මෙම ගිවිසුම ඓතිහාසික පියවරක් ලෙස සැලකෙනවා. ඒ අනුව මෙම චාගෝස් දූපත්,එක්සත් රාජධානිය විසින් මොරිෂස් වෙත භාර දී තිබෙනවා.

Read More
Translate »