NEWS

admin

උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය.  ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි. ඒ…

Read More

IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි

ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ. මෙලෙස IPL අදියර තුනක තරග පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධියට පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි. ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා…

Read More

නිධානයක් සොයා අධිවේගී මාර්ගය අසල කැණීම් අරඹයි

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුතු සිදු වේ. මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා තිබේ. එමෙන්ම ආරක්ෂක අංශය ද අවස්ථා කිහිපයකදී…

Read More

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා. මේ අතර, කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල ද නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත් කිරීමට කටයුතු කළා.

Read More

ජොන්ස්ටන්ගේ BMW රථයේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය නඩත්තු කටයුතු සඳහා රැගෙන යාමේදී භාවිතා කළ අංක තහඩුවට අයත් වාහනයේ මුල් ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (20) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…

Read More

ඔස්ට්‍රේලියාවේ 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර තිබෙනවා.

Read More

පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වනවා. ඒ අනූව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඬුව හෙටින් ඇරඹෙනවා. මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා දිනයි. මේ අනූව සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ…

Read More

ජනපති රනිල් රටින් පිටව යයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ. ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක සහ තවත් කිහිප දෙනෙකු එම සංචාරයට එක්ව සිටි බව සඳහන්.

Read More

දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ.ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ.ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන අතර, එහි පළමු තරගය මේ මස 27වනදා…

Read More

රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සේවීමට ස්වාධීන කමිටුවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.එම…

Read More
Translate »