ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදයක්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එළඹෙන 03 වැනිදායින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එහිදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ මංගල සැසිවාරයේදී ජනපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත්කල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට එහිදී තීරණය වූ බවයි. ඒ…

