NEWS

හොංකොං ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට – 279ක් අතුරුදහන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදනව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ. එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි. පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට…

Read More

ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනිකන්ද සක්‍රිය වෙයි

ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ. පසුගිය වසර 10,000ක පමණ කාලය පුරා එම ගිනිකන්ද සක්‍රිය වූ බවට වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  මෙම ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කිලෝ මීටර 10කට වඩා වැඩි උසකට අළු සහ දුම විදාරණය වී ඇති බව සඳහන් වේ.

Read More

වියට්නාමයේ ගංවතුරින් මියගිය ගණන 90ක් දක්වා ඉහළට

අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බවය. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 186,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 3කට බලපෑම් එල්ල වී ඇත. පසුගිය 16 වනදා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය…

Read More

එක්සත් රාජධානියට අධික සීතලක්

එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ (21) රාත්‍රියේ උදාවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බවය. මෙය සැලකෙන්නේ වසර 15කට පසු නොවැම්බර් රාත්‍රියක (සරත් ඍතුවේ) වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසය. ස්කොට්ලන්තයට අමතරව වේල්සයේ උෂ්ණත්වය -7.2Cක් දක්වාද, උතුරු…

Read More

ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට

ලෝක රූ රැජින තරඟයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබේ. මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තරගකාරිය තායි තරග අධ්‍යක්ෂවරයෙකුගේ අපකීර්තියට ලක් වී තිබුණි. නමුත් ඇය ලෝක රූ රැජින අවසන් තරගයේදී විශ්ව රූ රැජින ලෙස මෙලෙස කිරුළු පළඳමින් ජයග්‍රහණය කර ඇත.

Read More

ජපානයෙන් ගෙන්වන ‘සී ෆුඩ්වලට’ චීනයෙන් තහනමක්

චීනය හා ජපානය අතර මේ වනවිට උද්ගතව ඇති රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ. 2023 වසරේ දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් පසු එම වසරේදීම බීජිං පරිපාලනය විසින් ජපානයෙන් සමුද්‍රීය නිෂ්පාදන ආනයන සීමාවන් පැනවීය. කෙසේ නමුත් එම තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය පසුගියදා…

Read More

හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් ප්‍රතිචාර

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීමෙන් පසුව ඉන්දියාව සිය ප්‍රතිචාරය දක්වා තිබේ. ඒ අනුව ඉන්දියාව පවසන්නේ බංග්ලාදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවය. 2024 අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනාව බලයෙන් පහ කළදා සිට ඇය ඉන්දියාවේ රැඳී සිටියි. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දෙන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා…

Read More

ඉක්වදෝර බස් අනතුරේ මරණ ගණන ඉහළට – 40ක් රෝහලේ

ඉක්වදෝරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සිමියාටග් හි ඉරිදා සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 40 දෙනෙකුට අවම වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, එරට හදිසි සේවා සඳුදා ප්‍රකාශ කළා. අනතුරට පත්වූ බස් රථය සිමියාටග් සහ අම්බාටෝ යන නගර අතර අන්තර් පළාත් මාර්ගයක ධාවනය වෙමින් තිබියදී පාලනය ගිලිහී ගොස් මීටර් 150ක් පහළට…

Read More

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. එරට පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති…

Read More

ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7  දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවය. කෙසේ නමුත්…

Read More
Translate »