NEWS

චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය හඳුන්වා දෙයි

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය එළිදක්වා තිබෙනවා. සී ආර් 450 ලෙස හඳුන්වන මෙම දුම්රියේ මුල් ආකෘතිය පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් ඔවුන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කරන සී ආර් 400 – ෆුෂින්ග් අධිවේගී දුම්රියවලට වඩා සැලකිය යුතු තරම් වේගවත් බවයි…

Read More

බොරතෙල් මිල පහළට

සතිය ආරම්භය වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල සියයට 0.24කින් පහළ බසිමින්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය සියයට 0.5කින් පහළ ගොස් තිබුණා.

Read More

රික්ටර් මාපක 5. 7ක භූ කම්පනයක්

පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි. කෙසේ වෙතත් මෙම කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් වාර්තා ලැබී නැහැ.

Read More

නාසා ආයතනය යැවූ පාකර් සූර්ය ගවේෂණ යානය සාර්ථකයි

මිනිසාට සූර්යයා වෙත ළඟාවිය හැකි ආසන්නතම අවස්ථාව සනිටුහන් කරමින් සූර්යයා ගවේෂණය සඳහා නාසා ආයතනය විසින් යවනු ලැබු පාකර් සූර්ය ගවේෂණ යානය නත්තල් දා සැඳෑවේ සූර්යයාට ආසන්න වෙමින් කිලෝමීටර් මිලියන 6.2ක දුරකට පැමිණ ඇති බව වාර්තාවුණා. 2018 වසරේදී පෘථීවියෙන් නික්ම ගිය පාකර් සූර්ය ගවේෂණ යානය පැයට කිලෝමීටර් 692,000ක වේගයකින් සූර්යාගේ පිටත පෘෂ්ඨයේ සිට කිලෝමීටර් මිලියන 8ක් පුරා විහිදෙන…

Read More

චීනයේ Tansuo 3 නෞකාව සිය ප්‍රථම ගමන අරඹයි

චීනය විසින් නිර්මාණය කර ඉදිකරන ලද ගැඹුරු මුහුදේ බහුකාර්ය පර්යේෂණ සහ පුරාවිද්‍යාත්මක නෞකාවක් වන Tansuo 3 නෞකාව අද (27) දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ගුවැන්ෂුහි නන්ෂා සිය ප්‍රථම ගමන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම නෞකාව ගෝලීය ගැඹුරු මුහුදේ ගවේෂණය කිරීමට සහ ධ්‍රැවීය ප්‍රදේශවල මිනිසුන් සහිතව ගිල්විය හැකි මෙහෙයුම් සඳහා සහාය වීමට හැකියාවක්…

Read More

පුද්ගලයින් 72ක් සමඟ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමගින් පුද්ගලයින් 72දෙනෙක් යානය තුළ සිට ඇති බවයි වාර්තා වෙන්නේ. කසකස්තානයේ අක්ටාවු නගරය අසලදී මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ. ගුවන් යානය පක්ෂීන් රංචුවක් අතර ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි බොහෝ දෙනා මත…

Read More

කඩා වැටුණු ගුවන් යානයේ සිටි 25 දෙනෙකු දිවි ගලවා ගත් බවට තොරතුරු

අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබියදී කඩා වැටුණු මගී ගුවන් යානයේ සිටි 25 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව වාර්තා වනවා. අදාළ ගුවන් යානය කසකස්තානයේ අක්ටවු නගරය ආසන්නයේදී කඩා වැටෙන විට එහි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. දිවි බේරාගත් අය අතර කුඩා දරුවන්…

Read More

කටාර් රාජ්‍යය වසර 13 කට පසු සිරියාවේ සිය තානාපති කාර්යාලය විවෘත කරයි

එච්. ටී. එස්. සංවිධානය සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමත් සමග කටාර් රාජ්‍යය සිරියාවේ තම තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා. ඒ, වසර 13 කට පසුවයි. සිරියාවේ අගනගරය වන ඩැමස්කස්හි මෙම තානාපති කාර්යාලය විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියාවේ නව පාලනය ස්ථාපිත කිරීමෙන් පසුව පළමුවරට එරට තනාපති කාර්යාලයක් යළි විවෘත කරනු ලැබුවේ තුර්කිය විසින්.

Read More

රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා. ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා. එහි එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු බේරාගෙන තිබෙන අතර, දෙවන ටැංකියේ…

Read More

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා. පැයට උල්කාපාත 120ක් පමණ දිස්වෙන මෙම උකාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව හෙට (14) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ. ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9න් පසුව උතුරු සහ නැගෙනහිර අහසේ…

Read More
Translate »