බදුල්ල – බිබිල මාර්ගයේ වාහන ධාවනය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
බදුල්ල – බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශය වාහන ධාවනය සීමාකිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ මාර්ගය අද (25) උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන අතර සවස 6.00 සිට හෙට (26) උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිත බව පොලීසිය දැනුම් දී ඇත….

