කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා. ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි සටහන් වෙන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා. ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි සටහන් වෙන්නේ.
යුබාවේ – නැගෙනහිර හොල්ගුයින් පළාතේ ආයුධ සහ පතොරම් ගබඩාවක සිදු වූ පිපිරීමකින් කියුබානු සොල්දාදුවන් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් වූ පිරිස අතර, නිලධාරීන් හතර දෙනෙකු සහ සෙබළුන් නව දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පිපිරීමෙන් පසු පුද්ගලයින් 361 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා සදහන් කරන්නේ.
මහ මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන උධෘත සකස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව අදාළ උධෘත සකස් කර නීතිපති උපදෙස් ලබාගැනීම සදහා යොමු කරන ලෙසයි වැඩිදුරත් උපදෙස් ලබාදී ඇත්තේ. මීට අදාළ වාර්තාවක්…
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙන එනු ලබන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති. මේ අතර, 2020 වසරේ පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල…
2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්. ඒ අනුව, මීට පෙර පැවැත්වීමට දින නියම කරන…
බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. ඒ අනුව, මින් ඉදිරියට පා පූරුවේ ගමන් කරමින් සිටින කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ…
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 1 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, වෙන්දේසි කරන ලද…
කටුනායක ගුවන් තොටුපොළ අවට අද උදෑසන පැවති දැඩි මීදුම් තත්වය හේතුවෙන් ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කර තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ, මීදුම් තත්ත්වය හමුවේ ගුවන් නියමුවන්ට , ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම යානා මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි. ඩුබායි,…
උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසනවා. ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම නිසා අද දින පැවැත්වීමට තිබුණු විභාගය නැවැත්වූ බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින්…
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ-යූල් අතර හමුවක් අද සිදුවීමට නියමිතව තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවත්වෙන එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා පුළුල් කිරීම, උතුරු කොරියානු තර්ජන වැළැක්වීමේ උත්සාහයන් සහ තවත් ප්‍රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ උතුරු කොරියාව විසින් එරට නැගෙනහිර…