බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස 06 ක සිරදඩුවම් නියම කර ඇති මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස්ට එරෙහිව මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.
පුවත්පත් මුද්‍රණය කිරීම සදහා කඩදාසි ගෙන්වා බෙදා හරින පෞද්ගලික සමාගමක් විසිනුයි අදාළ නඩුව පවරා ඇත්තේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ අදාළ නඩුව ඊයේ කැදවූ අතර, ඊට පෙනී සිටීම සඳහා අර්ජුන ඇලෝසියස්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූණා.
බැංකු ගිණුමෙහි මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා 04 කදී චෙක්පත් 04 ක් නිකුත් කිරීම තුළින් මුදල් වංචාකර ඇති බවට පවසමින් අදාළ පෞද්ගලික සමාගම බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබුණා.
ඒ අනුව ඊයේ නඩුව කැදවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මත අර්ජුන ඇලෝසියස් මුදා හැරීමට නියෝග කළා.