අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (24) පරිසර අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුන්වාදුන් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙහිදී සිදුව තිබුණා.
තවද, එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීමයි මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ.
මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිළධාරීන් ද පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන අයද සහභාගී වී තිබෙනවා.