ඉරාන ජාතිකයි හත්දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි

2019 වසරේ කොළඹ , මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2019 වසරේ ජූලි මස 12 වන දා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කළ වැටලීමකට අනුව මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විත්තිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »