NEWS

කොටහේන වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අයෙකු රිමාන්ඩ්

පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොටහේන පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට පමුණුවනු ලැබුවා.

මෙම සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවත්, ඔහු රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

කොළඹ -15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ මෙම සැකකරු පදිංචිව සිටි අතර, මෙම සැකකරු කොටහේන ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන්ට ආයුධය ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »