NEWS

ග්‍රහලෝක 07ක් නැරඹිය හැකි දුර්ලභ අවස්ථාව අදයි

අහසේ දර්ශනයවන ග්‍රහලෝක 07කින් 05ක්ම අද (28) දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය 25 වැනිදා සිට උදා වුණා.

එමෙන්ම අනිකුත් ග්‍රහලෝක දෙක නැරඹීම සඳහා කුඩා දුරේක්ෂයක් අවශ්‍යයි.

මෙම ග්‍රහලෝක පස්වරු 06.30 සිට පස්වරු 07.10 දක්වා කාලය තුළදී ඉන් ග්‍රහලෝක 05ක්ම පියවි ඇසින් නිරීක්ෂණය වන බවයි ඔහු සඳහන් කළේ.

තවද, මේ ආකාරයෙන් නැවත ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවෙන්නේ 2040 වසරේදී බව ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »