NEWS

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් මරුට

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (23) සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවය.

ඊයේ රාත්‍රී 9.20ට පමණ මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබුණි.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ සිරව සිටි අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඔවුන් මුදා ගැනීමට කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »