NEWS

දින ගණනක් වහන් වී සිටි දළ කැඩුණු සුමේධ සොයාගැනේ

ලොරියක ගැටී සිදුවූ අනතුරකින් දළයක් ගැලවී අතුරුදන්ව සිටි සුමේධ නැමැති ඇතා අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, වනජීවී නිලධාරීන් ඇතුලු පිරිස් මරදන්කඩවල ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඇතා සොයාගෙන ඇති බවයි.

හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා මෙම අනතුර සිදුවූ අතර, ඉන් පසුව මෙම ඇතා සොයාගැනීමට දින 09 ක් පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත් අද හමුවූ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »