NEWS

දිවයිනම ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක්

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් 2024.12.20 වන දින සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (24) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අවසන් වූ පැය 24 ක කාලය තුල විශේෂ රථවාහන මෙහෙයුම මඟින් බීමත් රියදුරන් 251 දෙනෙකු අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාල රියදුරුන් 81 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 128 දෙනෙකු මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1368 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 615 ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්දයෙන් රියදුරන් 6304 ක් ද ඒ අනුව සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8747 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි නිවේදනය කර ඇත්තේ.

ඊයේ දිනය තුල දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදු වී නොමැති බැවින් රිය අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිපදිමින් රථවාහන ධාවනය කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙම මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »