ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.
යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇගවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්‍යාසයක් ලෙස මෙය සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් කර තිබේ.
මෙහි ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන අතර එය අද පෙරවරු 08.30ට ආරම්භ කිරීමට නියමිතය.

