NEWS

නොවැම්බර් මාසයේ දී සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 273 දක්වා ඉහළට

පසුගිය නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් උපයා ඇති අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙනවා.

එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවටයි වාර්තා වෙන්නේ.

නොවැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 184,158ක් පැමිණ ඇති අතර, ඔක්තෝම්බර් මාසයේදී 151,496 පැමිණ තිබෙනවා.

ඒ අනුව, පළමු මාස ​​එකොළහ තුළ සංචාරකයින් 1,804,873 මෙරටට පැමිණ ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

තවද, මාස එකොළහක් සඳහා සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,806.5ක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 56ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

ගෝලීය ප්‍රකාශන අනුව, 2025 දී සංචාරය කිරීමට වඩාත්ම හොඳ ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති අතර, පැමිණීම් සහ ඉපැයීම් යන දෙකටම වඩා හොඳ වසරක් සඳහා රට සකසනු ඇති බවත්, එය බොහෝ විට 2018 වසරේ දී ලබාගත් ඉහළම අදායම අභිබවා යනු ඇති බවත්, බලාපොරොත්තු වෙනවා.

ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාව ලබන වසරේ සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.0කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »