පාහියංගලින් සොයාගත් අස්ථි සැකිල්ල සංරක්ෂණය කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙනක් ලෙස ප්‍රකටව ඇති පාහියංගල ගල්ලෙනෙහි සිදුකළ පර්යේෂණ කැනීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසි පරිදි සංරක්ෂණය කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වුණා.

ඒ, විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදීයි.

එම අස්ථි සැකිල්ල මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අධ්‍යයනාංශයේ තබා ඇති අතර, විධිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග සැලසීමෙන් අනතුරුව එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතයි.

ඉදිරි කාලයේදී එම අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ද අදාළ සාකච්ඡාවේදී යෝජනා වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »