විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මහජන සහභාගීත්වයක් සහිත පුළුල් යාන්ත්‍රණයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වන අතර එහිදී මත්ද්‍රව්‍ය සැපයුම් සහ ඊට ඇති ඉල්ලුම අඩාල කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

